බලශක්ති ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මාලදිවයිනේ සහාය !

බලශක්ති ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මාලදිවයිනේ සහාය !

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන වර්තමාන අර්බුධකාරී වාතාවරණය හමුවේ මෙරට ජනතාව පත්ව ඇති ශෝකජනක තත්ත්වය පිළිබදව සිය රජයේ කණගාටුව ප්‍රකාශ කරන බවත්, මෙරට ජනතාවගේ සුභසිද්ධිය වෙනු‍වෙන් තම රටේ පූර්ණ සහයෝගය දැක්වීමට මාලදියවයින් රජය වෙනුවෙන් තමා කැමැත්ත පල කරන බවත් මාලදිවයින් රජයේ තානාපති Omar Abdul Razzak පවසයි.

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය, විදුලිබල ක්ෂේත්‍රය මෙන්ම බලශක්ති අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීම පිණිස, පසුගියදා විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවූ අවස්ථාවේ තානාපතිවරයා මෙම අදහස් පළකර තිබේ.

කුරිරු ත්‍රස්ත ක්‍රියා හමුවේ අඩාලවී ඇති ශ්‍රී ලාංකික ජනජීවිත යතා තත්ත්වයට පත්කරගනිමින්, දෛනික ජන ජීවිත සුපුරු තත්ත්වයන්ට පත්කිරීමට අවශ්‍ය ආරක්ෂක සහ ආර්ථික තත්ත්වයන් නිසි පරිදි සැකසීමට ශ්‍රී ලාංකික රජයට අවශ්‍ය සහාය ලබාදීමට මාලදිවයින් රජය අපේක්ෂා කරන බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ගයන් පිළිබදව ඉදිරියේ සාකච්ඡා කිරීමට අදහස් කරන බවත් පැවසූ තානාපතිවරයා, ඉදිරියේදී මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් ඇතිවීමට ඇති ඉඩකඩ පාලනය කරමින්, ආරක්ෂක වාතාවරණය තරකළයුතු බවද පැවසීය.

මෙරට විදුලි ක්ෂේත්‍රය පිළිබදව කරුණු විමසූ තානාපතිවරයා, ඉදිරියේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදය වෙනුවෙන් ස්ථිර විසදුම් සෙවීමට උත්සුක වියයුතු බව පැවසීය. ශ්‍රී ලංකාව මේ වනවිට ආසියානු කලාපීය රටවල් අතරින් විදුලිබලය සැපයීම අතින් ප්‍රමුඛ ස්ථානයක සිටින බවත්, ඒ පිළිබදව තමා සතුටට පත්වන බවත් තානාපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාව මේ වනවිට බලශක්තිය සැපයීම, පුනර්ජනනීය බලශක්ති ක්‍රමෝපායන් වෙත යොමුකර ඇති අතර, එය පරිසර හිතකාමී මෙන්ම ලාභදායි වනබවද පැවසූ විෂයබාර අමාත්‍යවරයා, ඉදිරියේදී ඇතිවිය හැකියැයි අනුමාන කරනු ලබන බලශක්ති අර්බුදයටද එය ස්ථිරසාර විසදුමක් වනු ඇතැයි මාලදිවයින් තානාපතිවරයාට පැහැදිළි කළේය.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින ද්වීපාර්ශික මිත්‍ර සබදතා තවතවත් තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ සිවිල් සහ ආරක්ෂක තත්ත්වයන්ටත්, විදුලිබල ක්ෂේත්‍රය සහ විශේෂයෙන් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ උන්නතිය සදහාත් සිය රටේ පූර්ණ සහයෝගය ලබාදීමට තමා කටයුතු කරන බවට මාලදිවයින් තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් විෂයබාර අමාත්‍යවරයාට පැවසීය.

01

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න