යුද හමුදාවට මස් සැපයීමේ ටෙන්ඩරය :අවුරුදු 14 තිස්සේ ෆිලික්ස් පෙරේරාගේ සමාගමට !

යුද හමුදාවට මස් සැපයීමේ ටෙන්ඩරය :අවුරුදු 14 තිස්සේ ෆිලික්ස් පෙරේරාගේ සමාගමට !

යුද හමුදාව වෙනුවෙන් ආහාර සඳහා මස් වර්ග සැපයීමේ ටෙන්ඩර පසුගිය වසර 14 තුළම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන ෆීලික්ස් පෙරේරාගේ නමින් ඇති සමාගම විසින් ලබාගෙන ඇතැයි ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට ආරක්‍ෂක රාජ්‍ය ආමත්‍ය රුවන් විජයවර්ධන ලබාදුන් පිළිතුරෙන් මේ බව අනාවරණය විය.

පීලික්ස් පෙරේරා සහ පුද්ගලික සමාගම ලෙස සමාගමක් පිහිටුවා ගනිමින් වසර 14ක් පුරාවටම මස් සැපයීමේ ටෙන්ඩරය ලබාගෙන ඇති බවත්, තවදුරටත් මස් සපයමින් සිටින බවත් එහිදී අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසා සිටියේ, "2005 වසරේ සිට වර්තමානය දක්වා යුද හමුදාවට මස් සපයපු පුද්ගලයන් අතර මේ වසර 14 තුළම මස් සැපයීම් කරන කැබිනට් අමාත්‍යවරයෙකු ඉන්නවා. එතුමාගේ නමින්ම මේ සමාගම නම්කර තිබෙනවා. පීලික්ස් පෙරේරා සහ පුද්ගලික සමාගම ලෙස එය නම්කර තිබෙන්නේ.

ඒ කියන්නේ පීලික්ස් පෙරේරා සහ පුද්ගලික සමාගම වසර 14ක් මේරටේ යුද හමුදාවට මස් සපයන ‍කොන්ත්‍රත්තුව අරගන්නවා. කැබිනට් අමාත්‍යවරයෙකු විදියට එතුමාගේ නමින්ම සමාගමක් හදලා මේ කොන්ත්‍රාත්තුව කරගෙන යනවා. අදටත් එය සිදුවෙනවා. පසුගිය කාලසීමාව තුළ මෙය කවුරුත් කියලා නැහැ.

යුද හමුදාවට මස් සැපයීමේ තනි ටෙන්ඩරය කැබිනට් ඇමතිවරයෙකු ලබාගැනීමට කටයුතු කිරීම මොනතරම් ලොකු වරදක්ද? මෙය අපරාධයක්. මේ අපරාධය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගතයුතුයි. මොකද වාහනයක් ගත්තා කියලා පොඩි පොඩි දේවල්වලට මන්ත්‍රීවරුන් සිරභාරයට ගන්නවා. මෙය මහා බරපතළ සිද්ධියක්" යනුවෙනි.

එයට පිළිතුරු දෙමින් ආරක්‍ෂ රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පවසා සිටියේ, "මේගැන පරීක්‍ෂණයක් පවත්වන්න පුළුවන්. ෆීලික්ස් පෙරේරා මහත්මයා දැන් පාර්ලිමේන්තුවේ නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න කාලයෙත් ටෙන්ඩර් කරලා ලබාදීලා තියෙනවා කියලා හිතනවා. ප්‍රසම්පාදන කටයුතු මගින් සැපයුම්කරුවන් තෝරාගෙන තිබෙනවා. කුකුළු මස්, එළු මස්, හරක් මස්, ඌරු මස් සැපයුම මේහරහා සිදුකරනවා. පරීක්‍ෂණයක් කරන්න පුළුවන්" යනුවෙනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න