ජාතික ආරක්ෂාව තිතට : සිරිසේනට සහ ලේකම්ට කෝටි 19 ක වාහන !

ජාතික ආරක්ෂාව තිතට : සිරිසේනට සහ ලේකම්ට කෝටි 19 ක වාහන !

ජනාධිපති සිරිසේනට ආරක්ෂක ඇමතිවරයා වශයෙන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 19 කට වැඩි මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවක ට අනුමැතිය ලැබී තිබේ.

මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසිනි.

අදාල වාහන මිලදී ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයේ මූලධන වියදම් වශයෙන් රුපියල් දහනව කෝටියක් ප‍්‍රතිපාදන අනුමත කරන්නැයි පරිපුරක ඇස්තමේන්තුවෙන් ඉල්ලා තිබිණ.

මීට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් කෝටි දහයකට වැඩි වටිනා තවත් වාහන මිලට ගැනීමට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවකට ද අනුමැතිය ඊයේ දිනයේ ලැබින.

බස් රථ 10ක්, ට්‍රක් රථ 06ක්, ගලි බවුසර් 02ක්, ජල බවුසර 01ක් හා ත්‍රීරෝද 07ක් එම පරිපූරක ඇස්තමේන්තු අනුමැතියෙන් ලබා ගැනීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න