මහනුවර නගරයට ආසන්නයෙන් ත්‍රෛභාෂා මිශ්‍ර නව ජාතික පාසලක් ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මහනුවර නගරය හා ඊට ආසන්න උපනගර ජනාකීර්ණත්වයට පත්වීමත් සමඟ මහනුවර අධ්‍යාපන කලාපය තුළ පිහිටා ඇති පාසල්වලට දරුවන් ඇතුළත්කිරීම සඳහා තරගකාරීත්වය ඉහළ ගොස් තිබීම හේතුවෙන් මේ ආකාරයේ පාසලක් ඉදිකිරීමට යෝජනා විය.
එබැවින් රුපියල් මිලියන 1141 ක ආයෝජනයක් යටතේ පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටි අක්කර 10ක භූමි ප්‍රමාණයක මෙම පාසල් ඉදිවනු ඇත.
මෙහි එක් ශ්‍රේණියක් සමාන්තර පංති 6කින් සමන් විත වන අතර මෙම පාසල ඇරඹීම සඳහා අකිල විරාජ් කාරියවසම් ඉදිරිපත් කළ යෝජනාවට මෙසේඅනුමැතිය හිමි විය.
ත්‍රෛභාෂා පාසලක් ඉදිකිරීම වාර්ගික එකමුතුවටද ඉතා වැදගත් වනු ඇති බව ආණ්ඩුවේ විශ්වාසය වී තිබේ.

