දිවයිනපුරා පාසල් වෙත සිසුන්ගේ පැමිණීමේ යම් වර්ධනයක් අද (08) දක්නට ලැබුණු බව විදුහල්පතිවරුන් පවසයි.
විශේෂයෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පාසල් සිසුන්ගේ පැමිනීම ඊයේ (07) දිනයට සාපේක්ෂව අද දිනයේ යම් තරමක වර්ධනයක් පෙන්නුම් කරන බව දැනගන්නට ඇත.
එසේම පාසල් සහ ඒ අවට ප්‍රදේශවල තවදුරටත් ආරක්ෂක විධි විධාන තර කර ඇති බව ආරක්ෂක අංශ අද දිනයේද කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පාසල් සහ ඒ අවට මාර්ගයන් හී ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ මව්පියන් එක්ව සිටින අයුරු දැකගන්නට ලැබුණි.
මාධ්‍ය වාර්තා වල දැක්වෙන ආකාරයට අනුරාධපුර දිස්ත්‍රීක්කයේ සිසුන්ගේ පාසල් පැමිණීම සැළකිය යුතු වර්ධනයක් අද දිනයේදී දක්නට ලැබු බව විදුහල්පතිවරුන් පවසයි.
කෙසේවෙතත් පාසල් අවට ප්‍රදේශවල අද දිනයේදී ආරක්ෂක අංශ රැදි සිට සෝදිසි මෙහෙයුම් සිදුකරන ආකාරය දක්නට ලැබුණි.
එමෙන්ම ගාල්ල දිස්ත්‍රීක්කයේ පාසල්වල සිසුන්ගේ පැමිණිමේද වර්ධනයක් පෙන්නුම් කර ඇත. එම දිස්ත්‍රීක්කයේ පාසල් හා ප්‍රදේශ අවට ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
මේ අතර අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන රියදුරන් දැනුවත් කිරිමේ වැටසටහනක් පැවැති අතර මෙහිදි පාසල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන රථවාහන සදහා ස්ටිකර් ඇලවිමද සිදුකෙරුණි.

