පරිවාස ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි - ජනාධිපති උපදේශක

පරිවාස ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි - ජනාධිපති උපදේශක

පවතින දේශපාලන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා පරිවාස ආණ්ඩුවක් ස්ථාපිත කලයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධිකාරක නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක මහතා අවධාරණය කර සිටියි.

භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ඔහු සති අන්ත පුවත්පතකට කර තිබු ප්‍රකාශය පිළිබඳව 'නිව්ස් ටියුබ්' කල විමසීමකදී ඔහු එබව සඳහන් කළේය.

'' රට මුහුණදී සිටින සියලු අර්බුදවලට අලුත් මුහුණුවරකින් මුහුණදිය යුතු වෙලා තියනවා. ඉදිරිදින කිහිපයේදී බැඳුම්කර වාර්තාවේ කරුණු අනාවරණය වෙනකොට, පසුගිය සමයේ සිදුවු බරපතල වංචා - දුෂණ සොය බැලු ජනාධිපති විමර්ශන වාර්තා එලියට එනකොට දේශපාලන ක්ෂේත්‍රයේ මුහුනුවර මුළුමනින්ම වෙනස් වෙනවා ..තවදුරටත් මේ විදියට යන්න බැරි තත්වයක් ඇතිවෙනවා.

ඒ නිසා ව්‍යවස්ථා වෙනසක් ගැන හිතනවා නම්, වසර දෙකකට වත් ජනාධිපතිවරයා යටතේ පරිවාස ආණ්ඩුවක් පිහිටුවිය යුතු වෙනවා'' යයි ශ්‍රිරාල් ලක්තිලක මහතා කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් කල විමසීමේදී ඔහු කියා සිටියේ, ඒ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද දිනය තුලදී ජනාධිපතිවරයා වෙත ලැබීමට නියමිත බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න