'බැඳුම්කර වාර්තාවේ පිටපතක් ලැබුනා' - රවී

'බැඳුම්කර වාර්තාවේ පිටපතක් ලැබුනා' - රවී

මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක් තමන්ට ද ලැබුන බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

කොළඹ - මට්ටක්කුලිය ප්‍රදේශයේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවකට ඊයේ එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියේය.

බැඳුම්කර වාර්තාවේ පිටපතක් තමාවෙත ලබාදෙන්නැයි ඉල්ලමින් රවී කරුණානායක මහතා පසුගියදා ජනාධිපති ලේකම්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් ද කර තිබිණ. ඒ තොරතුරු දැනගැනීමේ පනත යටතේය.

එහෙත් ඔහුට මෙතෙක් නිල වශයෙන් එම වාර්තාව ලැබී නොමැත.

පිටපතක් නොනිල මට්ටමින් අගමැතිට

මේ අතර බැඳුම්කර වාර්තාවේ නිර්දේශ ඇතුලත් පිටු 11ක් ලිපිගොනුවක් පසුගිය 11ද අගමැතිවරයා වෙත ලැබී ඇතැයි තහවුරු නොකළ ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

 බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිසම පිටු දහසකට වැඩි වාර්තාවක් පසුගිය දෙසැම්බර් මස 30දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදෙනු ලැබුවද මෙතෙක් ප්‍රසිද්ධියට පත්කර නොමැති අතර එහි පිටපතක් අගමැතිවරයාට හෝ ලබාදී නොතිබිණ.

 අගමැතිවරයා වෙත ලැබී ඇති වාර්තාවේ, ජනාධිපතිවරයා කල විශේෂ ප්‍රකාශයේ සඳහන් කරුණු වලට වැඩි බරපතල කාරනා සඳහන්ව ඇතත් අගමැතිවරයාට හෝ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට සෘජුව බලපාන නිර්දේශ එහි ඇතුලත්ව නොමැති බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 මේවනවිට ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා සමඟද සාකච්ජා කර පාර්ලිමේන්තුව වෙත දන්වා ඒවා ඇත්තේ, බැඳුම්කර කොමිසම් වාර්ථාව මුලින්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව, නීතිපති, හා මහබැංකුව වෙත යොමු කර ජනවාරි 17 හෝ ඊට ආසන්න දිනක පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන බවයි.

 

සබැඳි පුවත් :

බැඳුම්කර කොමිසමේ නිර්දේශ හොර රහසේ ම අගමැති අතට !

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න