ගතානුගතික සමාජයක ලිංගිකත්වය මත පදනම් වූ දැඩි නීති ලිහිල් කිරීමේ එක් අදියරක් වශයෙන් සිය රටේ කාන්තාවන්ට පාපන්දු තරගයක් නැරඹීම සඳහා සෞදි අරාබිය පළමු වරට අවසර ලබා දී තිබේ.
ජෙඩා නුවර පිහිටි ක්‍රීඩාංගනය සිය පවුලේ සාමාජිකයන් සමග පැමිණ සිටි පාපන්දු රසිකාවියන්ගෙන් පිරී පැවතිණි.
සිකුරාදා (ජනවාරි 12) පැවති තරගය අතරතුර කාන්තාවන් වෙන් කර තැබුණ ද ඔවුන්ගේ සහභාගීත්වය සෞදි අරාබියේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරනු ඇත.
සෞදි අරාබිය නවීකරණය කිරීමේ අරමුණින් සමාජීය ප්‍රතිසංස්කරණ ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතී.
පාපන්දු තරගයට පෙරාතුව සිකුරාදා උදෑසන තවත් වෙනසක් පිළිබඳ සුළු සංඥාවක් ලැබිණි. සෞදි අරාබියේ කාන්තා පාරිභෝගිකයන් සඳහාම වෙන් වූ මෝටර් රථ ප්‍රදර්ශනාගාරයක් විවෘත කෙරිණි.
ප්‍රදර්ශනාගාරය තුළ වූ මෝටර් රථ කාන්තා පාරිභෝගිකයන්ගේ පරීක්ෂාවට ලක් වූ අතර කාන්තා රියදුරු තහනම ඉවත් වූ වහාම ඔවුන්ට එම මෝටර් රථ පරිහරණය කිරීම සඳහා අවසර හිමිවනු ඇත.
ජෙඩා ක්‍රීඩාංගනය තුළ පාපන්දු රසිකාවියන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් පිළිගැනීමට සහ ඔවුන් වෙත අසුන් පෙන්වීම සඳහා කාන්තාවන් සේවයේ යොදවා තිබිණි.
එම සේවිකාවන් සහ පාපන්දු රසිකාවියන් යන දෙපිරිසම කළු පැහැති සම්ප්‍රදායික අබයා ඇඳුමෙන් සැරසී සිටියහ.
"අප සමෘධිමත් අනාගතයක් කරා යමින් සිටින බව මෙමගින් සනාථ කෙරෙනවා. මේ සුවිශාල වෙනස සියැසින් දැක ගන්න ලැබීම ගැන මම ආඩම්බර වෙනවා" යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
"බොහෝ රටවල් විසින් ගනු ලැබ ඇති ශිෂ්ටසම්පන්න ක්‍රියාමාර්ග සමග එක් වීමට සෞදිය පියවර ගැනීම ගැන මම ආඩම්බරයටත් දැඩි සතුටටත් පත්වෙනවා," යනුවෙන් ජෙඩා නගරයේ වෙසෙන තවත් තරුණියක් වන රුවයිඩා අලි ක්වාසම් කියා සිටියාය.
සෙනසුරාදා පැවැත්වෙන දෙවන පාපන්දු තරගය සහ බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත තෙවන පාපන්දු තරගය නැරඹීම සඳහාත් කාන්තාවන්ට අවසර ලබා දෙන බව සෞදි ආණ්ඩුව පසුගිය සතියේ නිවේදනය කළේය.
සෞදි අරාබියේ රජ පවුල සහ ආගමික ආයතන සුන්නි ඉස්ලාම් දහමට අයත් දැඩි වත්පිළිවෙත් හා තදින් කටයුතු කරති.
සිය පවුලේ පිරිමි සාමාජිකයන් නොමැතිව සෞදි කාන්තාවන්ට කළ නොහැකි තව බොහෝ දේ ඇත:
මේ අතර සෞදි අරාබියේ නිල නොලත් නායකයා ලෙස කටයුතු කරන ඔටුන්න හිමි මොහම්මඩ් බින් සල්මාන් කුමරු පවසන්නේ ප්‍රතිසංස්කරණ සිදු කරමින් රට නවීකරණයකට ලක් කරන බවය.
කාන්තාවන්ට රිය පැදවීම සඳහා පනවා තිබු තහනම ඉවත් කිරීමට ඔහු මෑතක දී කටයුතු කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
