ශ්‍රී ලන්කන් - මිහින් ලංකා දුෂණ හොයන ජනාධිපති කොමිසම ලබන සතියේ

ශ්‍රී ලන්කන් - මිහින් ලංකා දුෂණ හොයන ජනාධිපති කොමිසම ලබන සතියේ

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ වංචා සහ දුෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන සතිය වන විට පත් කිරීමට සියළු කටයුතු සුදානම් කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පළාත් පාලනා මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් දඹුල්ලේ සංවිධානය කර තිබු ජන රැළියක් අමතමින්ය.

කෙසේ වුවත් මේ සම්බන්ධව අප කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයාගේ මෙම තීන්දුව සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ට සාමාජිකයන් කිහිපදෙනෙකුම එකඟතාවයක් දක්වා නොමැති බවය.

වාර්තා වන ආකාරයට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ මිහින් ලංකා ගුවන්සේවයේ සිදුවූ බව කියවෙන වංචා සහ දුෂණ සම්බන්ධව ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු රාජපක්ෂ පවුලේ ඥාතීන් රැසකගේ නම් සඳහන් වන බැවින් එය පක්ෂය සමඟි කිරීමේ උත්සාහයට බලපෑමක් කරනු ඇති බවද ඔවුන්ගේ අදහස වී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ වංචා සහ දුෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිසම පත්කිරීමේ මේ සුදානම සම්බන්ධව newstube.lk වෙබ් අඩවිය මීට පෙරද වාර්තා කළ අතර පසුගිය පුවත් සඳහා පහත සබැඳි වෙත යොමුවන්න.

මෛත්‍රීගේ නත්තල් තෑග්ගට සතුට පළවේ !මෛත්‍රීගේ නත්තල් තෑග්ගට සතුට පළවේ !

ශිරන්ති තිගැස්සේ : ජනාධිපතිට පණිවිඩ පිට පණිවිඩ එවයි !

 එජාපයේ ඉල්ලීම මත රාජපක්ෂලා දඬුකඳේ ගැසීමට ජනපති සැරසේ !

ශ්‍රී ලංකන් එයාර් අස්සේ - මිලියනේ වැටුප් ගැස්සේ

 

 

 

https://newstube.lk/news/297-srilankan-airlines

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න