පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වී ඇති අපේක්ෂකයින් අතුරින් 80 දෙනෙකු ඒ සඳහා නොසුදුසු පුද්ගලයින් බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
මැතිවරණ කොමිසමේ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට වයස අවුරුදු 18ට අඩුවීම, රජයේ විධිවිධාන සහ ඉල්ලා අස්වීමේ ක්‍රියාපටිපාටිය අනුගමනය නොකළ සහ විවිධ අපරාධ ක්‍රියා වලට වැරදිකරුවන් වූ පුද්ගලයින් ඒ අතර සිටියි.
මේ වන විට එම පුද්ගලයන් මැතිවරණයෙන් ජයග්‍රහණය කළත් ඔවුන්ට එම මන්ත්‍රීධුර ලබානොදෙන ලෙස මැතිවරණ කොමිසම අදාළ පක්ෂවල ලේකම්වරුන්ගෙන් ඉල්ලා ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

