පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධව පොලිස්පති පූජිත ජයසුන්දර ට ඉල්ලා අස්වීමට ජනාධිපති සිරිසේන දැනුම් ඇතත් ඔහු මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බව වාර්තා වෙයි.
කෙසේ වුවත් අද (27) පොලිස්පතිවරයා සේවයට වාර්තා කර නැති බවත් වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට නම් පොලිස්පතිවරයා සිය ඉල්ලා අස්වීම සිදුනොකලහොත් ඔහුව අනිවාර්ය නිවාඩු යවා වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමේ සූදානමක් ද පවතී.
මේ අතර පසුගියදා පාර්ලිමේන්තුව ඇමතූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ පොලිස්පති ඉල්ලා අස්වීම මේ ප්‍රශ්නය විසදීමට හේතුවක් නොවන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
