ශ්‍රී ලංකා ක්‍රිකට් : මැයි මාසයෙන් පසු තිලංග ඉවතට !

ශ්‍රී ලංකා ක්‍රිකට් : මැයි මාසයෙන් පසු තිලංග ඉවතට !

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිත්වයෙන් ඉල්ලා අස්වීමට නියෝජ්‍ය කතානායක, ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා තීරණය කර ඇතැයි ලේක් හවුස් ආයතනයෙන් ප්‍රකාශයට පත්කරන 'රැස' පුවත්පත වාර්තා කරයි.

ඔහුට එවැනි තීරණයක් ගැනීමට ඉහළ පෙළේ දේශපාලන බලපෑම්ද ඉවහල්වී ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

කෙසේවුවද, ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, සිය දේශපාලන රාජකාරි හේතුවෙන් ඔහු මෙම තීරණයට ඔහු එළඹ ඇති බවයි.

හතර වටෙන් චෝදනා :

පසුගිය කාලය පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් විවේන එල්ල විය.

එහිදී වත්මන් සභාපතිවරයාට සම්බන්ධ ව්‍යාපාර ජාලය පිළිබඳව කතිකාවක් මතු වී තිබූ අතර ඒවා සමඟ තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති බව තිලංග සුමතිපාල මහතා පවසා තිබුණේය.

එහෙත් ඔහුට විරුද්ධ පාර්ශ්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අසාර්ථක වීම් හා ඔහුගේ ව්‍යපාරික සම්බන්ධතා ගෙනහැර දක්වමින් අදහස් දැක්වීම හේතුවෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළද ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය විය.එහිදී ආණ්ඩුවට සම්බන්ධ අමාත්‍යවරුන් අතරම ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබූ අතර මෙම සියලු තත්ත්ව සලකා බැලීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරයෙන් ඉවත්වීමට තිලංග සුමතිපාල මහතා තීරණය කර ඇතැයි සඳහන්ය.

ලේකම් ඉල්ලා අස් වී උපසභාපති ධූරයකට :

එහි දිගුවක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා එම ධූරයෙන් ඉල්ලා අස් වී උපසභාපති ධූරයක වැඩ බාරගැනීම දැක්විය හැකි බව තතුදත් ආරංචි මාර්ග පෙන්වා දෙයි.'පෙරහර එන්නෙ පස්සෙ. ඉස්සරින් කසකාරයෝ දිහා බලන්න. මොහාන් ද සිල්වා මහතා උපසභාපතිවරයෙක් වුණේ මැයි මාසයෙන් පසු සභාපති ධූරයේ වැඩ බාරගන්නයි' එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

හරියට වැඩ ලු !

තිංලග සුමතිපාල මහතාට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරනුයේ දේශපාලනික කාර්ය බහුලත්වය හේතුවෙන් ඔහු සිය ධූරයෙන් ඉවත් වීම පිළිබඳව සලකා බලමින් ඇති බවය.

ඒ අනුව මෙම වසරේ මැයි මාසය වන තුරු සභාපතිත්වය දැරීමට ඔහු සිය එකඟත්වය පළ කර ඇත.

සිය සමීප හිතවතුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී සභාපතිවරයා විසින් මේ බව ප්‍රකාශ කර තිබේ.hathurusinghe 1000px 2

හතුරුසිංහගේ වැඩ අසාර්ථක වුනොත්  තිලංග අනිවාර්යයෙන් ගෙදර ...

ඇතැම් විට බංග්ලාදේශ සංචාරයේදී චන්දික හතුරුසිංහගේ පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම දක්වන දක්ෂතා ඉවහල් කරගනිමින් අදාළ තීරණය යළි සලකා බැලීමට ඉඩ ඇති බවද සඳහන්ය.

යම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායමට අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගැනීම කල් ගියහොත් සිය ධූරයෙන් ඉවත් වීම අනිවාර්ය වනු ඇති බවට තිලංග සුමතිපාල මහතා පවසා තිබේ.

දැනට පවතින වාතාවරණයට අනුව මෙම වසරේ මැයි මාසයේ 23 වැනිදාට ආසන්න දිනකදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නියමිතය. නව ක්‍රීඩා පනතට අනුව වසර හතරක කාලයක් ධූරයේ රැඳී සිටීමට අවසර තිබුණද තිලංග සුමතිපාල මහතා අදාළ නිලවරණය කැඳවීමට මේ අනුව තීරණය කර තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න