2018 ඔක්තෝබර් 26 වනදායින් පසුව ආරක්ෂක කවුන්සිල හමුව සඳහා සහභාගීවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන වෙත අද (22) දන්වා ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති සිරිසේන විසින් මේ දැනුම්දීම සිදුකර ඇති අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මාස 6කට පසුව ලැබුණු එම දැනුම්දීම පිළිගෙන අද පැවති ආරක්ෂක කවුන්සිල හමුව සඳහා සහභාගීවී ඇති බවය.
මේ වන විට බුද්ධි වාර්තා සම්බන්ධව විධිමත්ව කටයුතු නොකිරීම සම්බන්ධව ජනාධිපති සිරිසේනට චෝදනා එල්ල වෙමින් තිබේ. එහිදී මුලික වශයෙන් ඇත්තේ මරාගෙන මැරෙන ප්‍රහාර අවධානමක් සම්බන්ධව අප්‍රේල් 11 වනදා විශේෂ බුද්ධි වාර්තාවක් නිකුත්කර තිබියදී පවා ඒ ගැන තැකීමක් නොකර සිටීමය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
