දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පැවසුවේ අද පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
දුම්රිය සේවකයින් පිරිසක් අද මධ්‍යම රාත්රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබූ අතරතුර මෙම සාකච්ඡාව කැඳවා ඇත.
දුම්රිය ස්ථානාධිපති, නියාමක, පාලක, රියැදුරු අධීක්ෂණ කළමනාකරණ ක්ෂේත්‍රවල වෘත්තීය සංගම් කිහිපයක් මෙම වර්ජනයට එක්වීමට නියමිතව තිබූ අතර එහිදී ඔවුන් ඉල්ලා සිටින්නේ නව වැටුප් ක‍්‍රියාත්මක කළ යුතුයි යන්නයි.
කෙසේ වුවද අද මධ්‍යම රාත්රියේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන වැඩ වර්ජනය පිළිබද මගී ජනතාවගේ අදහස වී ඇත්තේ එය ඉතාමත් අසාධාරණ වැඩ වර්ජනයක් බවයි. එමෙන්ම උත්සව සමයේ ඒ ආකාරයේ වැඩ වර්ජනයක් සිදු කළ හොත් එම නිළධාරීන් පොදු මහජනයාගෙන් දඩුවම් වි`දිනු ඇති බවද මගී ජනතාව ප‍්‍රකාශ කර සිටියි.
මීට මාස ගණනකට පෙරද දුමිරිය රියදුරන් වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර ඒ පිටුපස ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප‍්‍රබලයන් කිහිප දෙනෙකු සිටි බව දැනගන්නට ලැබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
