කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයින් 56 පිරිසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත අද (01) දින උදෑසන 6.15ට (2019.04.01) ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 230 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණියහ.
මෙම පිරිස අතරට පිරිමි ශ්‍රමිකයින් 09 දෙනෙකු සහ කාන්තා ශ්‍රමිකයින් 47 දෙනෙකු අයත් වේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම ශ්‍රමිකයින් සේවා ගිවිසුම ඉක්මවීම, සහ රැකියා ස්ථානයේ සිදුවූ විවිධ කරදර හේතුවෙන් තානාපති කාර්යාලය වෙත පැමිණ ඇත.
මෙම පිරිස අතුරින් ශ්‍රමිකයින් 42 දෙනෙකු තම ඥාතීන් සමග නිවෙස් බලා පිටත්ව ගිය අතර, තවත් ශ්‍රමිකයින් 15 දෙනෙකු සඳහා ගමන් ගාස්තු කාර්යාංශයේ සහන පියස සුභසාධන මධ්‍යස්ථානය මගින් ලබාදෙන ලදී. මෙම පිරිස අතුරින් කාන්තාවන් 02 අසනීප තත්ත්වයේ පසුවෙති.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
