බත්තරමුල්ල, අකුරේගොඩ ප්‍රදේශයේ ඉදිකෙරෙන ආරක්ෂක සේනා මූලස්ථානයට අදාළ ගනුදෙනු වලදී, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු උපදෙස් හා අනුදැනුම යටතේ සිදු වූ බවට චෝදනා එල්ල වී ඇති මූල්‍ය වංචා සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
එය රාජ්‍ය ආරක්ෂාවට බලපාන කරුණක් වන නිසා අදාළ තොරතුරු ලබාදිය නොහැකි බව ආරක්ෂක අමාත්‍යාංශය මගින් දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් තොරතුරු කොමිසමට අභියාචනා කිරීමෙන් පසු, රාජ්‍ය ආරක්ෂාවට අදාළ කරුණු, එනම් ආරක්ෂක සේනා මූලස්ථානයේ ගොඩනැගිලි සැලසුම් හැර, මූල්‍ය තොරතුරු ලබාදෙන ලෙස කොමිසම නිර්දේශ කර තිබේ.
ඉන්පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කැබිනට් මණ්ඩලය හරහා පහත පරිදි තොරතුරු කොමිසමේ නියෝගය ඉටු කිරීම වැළැක්වීමට කටයුතු කරමින් සිටී.
** මේ සම්බන්ධයෙන් විමසීමේදී තොරතුරු කොමිසමේ සාමාජික එස්.ජී. පුංචිහේවා මහතා පැවසුවේ අදාළ පාර්ශ්වය මේ පිළිබදව නැවත තොරතුරු කොමිසමට අභියාචනා කළ පසු නීති මගින් කටයුතු කිරීමේ බලය පනතින් කොමිසමට ලබා දී ඇති බවයි.
එහෙත් මෙතෙක් කොමිසමේ නීති අංශය ස්ථාපිත කිරීමට අවශ්‍ය පහසුකම් හෝ ප්‍රතිපාදන ආණ්ඩුවෙන් ලබා දී නැති බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
චතුර දිසානායක
(ලංකා ඉරිදා සංග්‍රහය)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
