Image

ඇලෝට සහ කසුන්ට ඇප !

ඇලෝට සහ කසුන්ට ඇප !

ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුව සම්බන්ධව බන්ධනාගාර ගතකර සිටි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන වෙත ඇප නියමකර ඇත.

අද (01) කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් මෙම ඇප නියෝගය නිකුත්කර ඇති අතර එහිදී එක් සැකකරුවකු සදහා රුපියල් මිලියනය බැගින් සහ මිලියන දෙක බැගින් ශරීර ඇප දෙකක් ද නියමකර තිබේ.

එසේම ශරීර ඇප ලබාදී යුත්තේ ලගම නෑදෑයන් වීම, විදෙස් ගමන් තහනම් කර ගමන් බලපත්‍ර අධිකරණ භාරයට ගැනීම , සෑම ඉරිදා දිනයකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම ඇතුළු ඇප කොන්දේසි රැසක් වන බවද වාර්තා වෙයි.

ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුව සම්බන්ධව ඔවුන් දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතව සිටිනු ලැබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න