Image

ආණ්ඩුවට සහය දෙන්නේ ඇමතිකම් ගන්න නෙවෙයි - විජිත් විජේමුණි

ආණ්ඩුවට සහය දෙන්නේ ඇමතිකම් ගන්න නෙවෙයි - විජිත් විජේමුණි

තමන් ආණ්ඩුවට සහාය දක්වන්නේ රට ස්ථාවර කිරීම සඳහා බවත් ආණ්ඩු පක්ෂයට සහයෝගය දැක්වුවත් ඇමතිධූර අපේක්ෂා නොකරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා පවසයි.

ඒ ඊයේ (31) මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්ය.

පසුගිය පාලන සමයේදී අග්‍රාමාත්‍යවරයෙකු නොමැතිව, නිසි ආණ්ඩුවක් නොමැතිව රට ආරාජික තත්ත්වයට පත්ව තිබුණු බවත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ශක්තිමත් ස්ථාවර පාලනයක් රට තුළ ඇති කිරීම අත්‍යාවශ්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා පවසා ඇත.

එහිදී දෙමළ ජාතික සන්ධානය සමඟ ආණ්ඩුවේ ගිවිසුමක් සම්බන්ධව මාධ්‍යවේදියකු කළ විමසුමකදී “දෙමළ ජාතික සන්ධානය සමඟ ගිවිසුම් ගැසුවාද නැද්ද කියන එක වැඩක් නැහැ. මොකද කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විටයි. එවිට අපිට බලාගන්න පුළුවන්. මොනව වුවත් මේ සියල්ල පාර්ලිමේන්තුවේ 225 තුළින් දැක ගත හැකියි” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න