Image

සිරිසේන - සිරිපාල ගැටුමක් !

සිරිසේන - සිරිපාල ගැටුමක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨම සාමාජිකයකු වන නිමල් සිරිපාල ද සිල්වා සහ ජනාධිපති සිරිසේන අතර සීතල ගැටුමක් ඇති අතර එය මේ වන විට වර්ධනය වී ඇතැයි වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොතකා හරිමින් ජනාධිපති සිරිසේන ගන්නා තීන්දු තීරණ හේතුවෙන් මෙම ගැටුම නිර්මාණය වී ඇති අතර පසුගිය ශ්‍රීලනිප සාකච්ඡා අවස්ථාවක ජනාධිපති සිරිසේන විසින් නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයාට දෝෂාරෝපණය කර ඇත.

ඒ පක්ෂ අභ්‍යන්තරයේ කටයුතු වෙනත් තැන්වල සාකච්ඡා කරන බව පවසමින්ය.

මේ සම්බන්ධව වැඩිදුරටත් වාර්තා වන්නේ ජනාධිපති සිරිසේනගේ අත්තනෝමතික කටයුතු සහ ඒ හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ ගොඩනැගී ඇති සිරිසේන විරෝධයට නිමල් සිරිපාල මන්ත්‍රීවරයාද සහය දෙන බව සහ ඔහුද එම කණ්ඩායමේ නායකයකු බවට සිරිසේන දැඩි සැකයකින් පසුවීමය.

පසුගිය දිනවල හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජීනොල්ඩ් කුරේ ගේ නිවසේ සිරිසේන විරෝධී පක්ෂ කණ්ඩායම් වල හමු කිහිපයක් සිදුව ඇති බවත් ඊට නිමල් සිරිපාල මන්ත්‍රීවරයා ද සහභාගීව ඇති බවට සිරිසේන ජනාධිපතිට තොරතුරු ලැබී තිබෙන බවත් වාර්තා වෙයි.

එහෙත් ශ්‍රීලනිප පක්ෂ අභ්‍යන්තර තොරතුරු සඳහන් කරන්නේ පොහොට්ටු පක්ෂය සමඟ ඇතිකරගන්නට යන සන්ධානයේදී ශ්‍රීලනිප ආසන සංවිධායකයන්ට සහ සාමාජිකයන්ට අත්වන ඉරණම සම්බන්ධව දිගින් දිගටම ප්‍රශ්න කිරීමට නිමල් සිරිපාල මන්ත්‍රී කටයුතු කිරීම සිරිසේන ජනාධිපතිගේ උදහසට හේතුවී ඇති බවය. එසේම ජනාධිපති සිරිසේන තම 2020 ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් පක්ෂය විනාශ කිරීම සඳහා පොදුජන පෙරමුණට අවස්ථාව ලබාදී ඇති බවද ශ්‍රීලනිප බහුතරයකගේද අදහස වී ඇත.

කෙසේ වුවත් පසුගිය ශ්‍රීලනිප අභ්‍යන්තර හමුවේදී ජනාධිපති සිරිසේන සෘජුව නිමල් සිරිපාල මන්ත්‍රීවරයාව දෝෂාරෝපණය කිරීමෙන් පසුව දෙදෙනා අතර පැවති සීතල ගැටුම වර්ධනය වී ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙයි.

ඒ අනුව දේශපාලන ආරන්චිමාර්හ පෙන්වා දෙන්නේ මහින්ද පාර්ශවයට හිතවත් ශ්‍රීලනිප 16 කල්ලිය ඇතුළු ඉතා සීමිත පිරිසක් හැර එම පක්ෂය නියෝජනය කරන කිසිඳු ප්‍රබලයෙක් සිරිසේන ජනාධිපතිගේ සහයට නොමැති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න