ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් කර ඒ සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු පත් කරගැනීම සඳහා පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡාවක් ආරම්භවී ඇති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට සිරිසේන ජනාධිපතිගේ හැසිරීම සම්බන්ධව කලකිරී සිටින සංවිධායකයන් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය මේ සාකච්ඡා සිදුකරමින් පවතී.
ඊට බලපෑ ප්‍රධාන කාරණය වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව කටයුතු කිරීමට පක්ෂ නායකත්වය ගත් තීරණයයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ජී.එච්.බුද්ධදාස පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේනායකත්වය වෙනස්විය යුතු බවත්,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවට නායකත්වය බාරගැනීමට ශ්‍රීලනිපය තුළ අවශ්‍යතරම් නායකයන් සිටින බවත්ය.
එසේම ආණ්ඩුවට එක්වුවහොත් මන්ත්‍රී ධුරය අහෝසි කරන බව පවසමින් ශ්‍රීලනිපමන්ත්‍රීවරුන් 21 දෙනා බියගන්වා තිබෙන බවත්,මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට ලබාදුන් නිදහස එම පිරිසටද ලබාදුන්නේනම් ඔවුන් සියලු දෙනා මේ වනවිටත් ආණ්ඩුවට එක්වී අවසන් බවත් ඔහු පවසයි.
තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකත්වය පිළිබඳ කලකිරී සිටින ආසන සංවිධායකයන් පිරිසක් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවත් වාර්තා වේ.
මෙම සංවිධායකයන් අවස්ථා කිහිපයකදී ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවත්,මේ වනවිට ඔවුන්ද කණ්ඩායම් වශයෙන් රැස්වී සාකච්ඡා කරන බවත් සඳහන් වේ. එසේම පසුගියදා පැවැති ආසන සංවිධායක හමුවේදී ජනාධිපති සිරිසේනට විරෝධය පළකරමින් අදහස් පළ කර තිබුණේ මෙම ආසන සංවිධායකයන් බවද දැනගන්නට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
