පළාත් ආණ්ඩුකාරවරුන් කිහිපදෙනෙකුට ම සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති සිරිසේන විසින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.
අද (31) දිනය අවසන් වීමට ප්‍රථම එසේ ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති අතර ඒ දේශපාලන පක්ෂපාතීත්වය සම්බන්ධ ගැටළුවක් මත බවද වාර්තා වෙයි. එනම් ජනාධිපති සිරිසේනගේ අදහස වී ඇත්තේ මේ පිරිස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ හිතවතුන් බවය.
ඒ අනුව මේවන විටත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවද වාර්තා වන අතර ඉල්ලා අස්වී ඇති බව වාර්තා වන රෙජිනෝල්ඩ් කුරේ මහතා උතුරේ ජනතාවගේ ප්‍රසාදය යම් පමණකින් දිනාගෙන සිටි පුද්ගලයකු බවද සිහිපත් කළයුතුව ඇත.
ඉල්ලා අස්වීමට නියමිත සෙසු ආණ්ඩුකාරවරුන් කවුන්ද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා නොවන අතර දිවයිනේ පළාත් සභා 9න් 6ක්ම ඒවායේ කාලය අවසන්ව ඇති හෙයින් මේ වන විට පවතින්නේ ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
