දවස් 56 ක මේ රටේ කඩා වැටීම කිසිම දවසක වචනයෙන් හරි ප්‍රමාණයෙන් හරි අපිට කියා ඉවර කල නොහැකි බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ පවසයි.
යළි බලය ලබා නොගන්නා බවට සහතික දුන් පාර්ශව එම අදහස වෙනස් කිරීමට උත්සාහ දරමින් ප්‍රශ්න ඇති කරන බවද අමාත්‍යවරිය අවධාරණය කරයි.
අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ඒ.ජේ.එම්.මුසම්මිල් පදනම කාන්තා සවිය සංවිධානය සංවිධානය කර තිබු පාසල් ළමුන් සදහා පාසල් පොත් හා උපකරණ ලබාදීම වෙනුවෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ ඊයේ (28) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමිනි.
එහි සභාපතිනී පෙරෝසා මුසම්මිල් මහත්මියගේ මුලිකත්වයෙන් 14 වන වරටත් මෙම උත්සවය සංවිධානය කර තිබු අතර මේ යටතේ පාසල් ළමුන් හාර දහසකට පමණ පාසල් පොත් හා උපකරණ ලබාදීමට නියමිතව තිබේ.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරිය දේශපාලනය ඔළුවේ තියාගෙන කටයුතු කරන ඇතැම් විදුහල්පතිවරුන් නිසා රජය දරුවන් වෙනුවෙන් කරනු ලබන දේවල් දෙමව්පියන් සහ නොදන්නා බවද සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තලතා අතුකෝරළ අමාත්‍යවරිය,
ඇතැම් අය අවුරුදු 23 ක්ම සමෘද්ධිය ලබනවා.සමෘද්ධිය දිය යුතු මනුෂ්‍යයාට දෙනවා ද කියලත් අද ප්‍රශ්නයක් තියෙනවා. අහිංසක මිනිස්සුන්ගේ බදු මුදලින් නිදහස් අධ්‍යාපනයෙන් නොමිලේ ඉගෙන ගෙන වෛද්‍ය වෘත්තියට ඇතුළත් වෙලා දේශපාලනය හිතේ තියා වෛද්‍යවරුන් ගෙන ස්ට්‍රයික් කරනවා .
අද අපේ රටේ අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයටත් වඩා එහා ගිහිල්ලා. 1977 න් පස්සේ ජේ .ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා පාසල් පෙළ පොත් නොමිලේ ලබාදීම ආරම්භ කළා.
ප්‍රේමදාස ජනාධිපතිතුමා පාසල් ළමුන්ට නිළ ඇදුම් ලබාදීම පටන් ගත්තා .වර්තමානයේ අධ්‍යාපන ඇමතිතුමා ළගම පාසල හොදම පාසල වැඩ සටහන යටතේ ජාතික පාසල් නොවන පාසල් 1000 ක් දියණු කරන්න කටයුතු කර ගෙන යනවා.සෑම පාසල් දරුවෙක්ම අද රක්ෂණය කර තිබෙනවා.රජයක් විදිහට විශාල වැඩ කොටසක් පාසල් ළමුන් වෙනුවෙන් අද කර ගෙන යනවා.නමුත් දේශපාලනය ඔළුවේ තියාගෙන කටයුතු කරන ඇතැම් විදුහල්පතිවරුන් නිසා අද රජය කරනු ලබන දේවල් ජනතාව දරුවෝ දන්නේ නැහැ .දෙමව්පියන් ලෙස අපි දරුවෝ කරන කියන් දේවල් පිළිබදව හොයන්න ඕන.දෙමාපියන් ලෙස වගේම අධ්‍යාපනය සේවයේ සිටින අයත් දරුවන් පිලිබදව අවධානයෙන් කටයුතු කළ යුතුයි.දැන් බලන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ අය හිටපු ගමන් ස්ට්‍රයික් කරනවා දේශපාලන අරමුණු හිතේ තියා ගෙන.ඇයි මෙහෙම කරන්නේ .නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලබලා නොමිලේ .ඉගෙන ගෙන වෛද්‍ය වෘත්තියට ඇතුළත් වෙලා අහිංසක මිනිස්සුන්ගේ බදුවලින් ඉගෙන ගෙන දේශපාලනය හිතේ තියා ගෙන ස්ට්‍රයික් කරනවා .ඒ අයට ප්‍රශ්නයක් තියෙනවා නම් සෞඛ්‍ය ඇමතිතුමාත් එක්ක කථා කරලා විසද ගන්න ඕන.ඒ අය වගකීමෙන් වැඩ කරන්න ඕන.අධ්‍යාපන ක්ෂේත්‍රෙයේ අය වගකීමෙන් වැඩ කරන්න ඕන.සමස්තයක් වගකීමෙන් වැඩ කරනවා යැයි ද අමාත්‍යවරිය පැවසුවාය.
දින 56 ක් රටේ රජයේ කුමන්ත්‍රණයක් දියත් කරලා තිබුණා.දින 56 ක මේ රටේ කඩා වැටීම ආයේ ගොඩ නගන්න බැරි තැනට රට ආපස්සට ගියා .ඒක පුදුම විදිහේ කඩා වැටීමක්. දවස් 56 ක මේ රටේ කඩා වැටීම කිසිම දවසක වචනයෙන් හරි ප්‍රමාණයෙන් හරි අපිට කියලා ඉවර කරන්න බැහැ.කල්පනා කරනවා මම ආයේ බලයට එන්නේ කෙහොම ද බලය රැක ගන්නේ කෙහොම ද මම ආපහු ජනාධිපති වෙන්නේ කෙහොම ද ප්‍රතික්ෂේප කරලා ගෙදර ගිය අය ආයේ බලයට එන්නේ කෙහොම ද කියලා බලනවා .අපිට බලය තියා ගෙන වැඩ කරන්නත් පුළුවන් බලය නැති වුණොත් ගෙදර ඉන්නත් සුදානම් .පසුගිය දවස්වල අළුත් කුමන්ත්‍රණයක් ගැන කියා ගෙන ගියා .රට බෙදනවා කොටසක් උතුරට දෙනවා තව කොටසක් නැගෙනහිරට දෙනවා කියලා කියා ගෙන ගියා.මේවාට උත්තර දෙන්න ඕන නැත්නම් මේවා ඇත්ත කියලා හිතනවා.මෙතන සිංහල දෙමළ මුස්ලිම් සියලු ආගම් ජාතිවලට අයිති අය ඉන්නවා .මේ සියලු දෙනාගේම අරමුණ ජීවත්වීමයි.දැන් බලන්න සමෘද්ධිය 1995 වසරේ ඉදලා අවුරුදු 23 ක්ම දෙනවා .ඒ අවුරුදු 23 ම සමෘද්ධිය ලබනවා.මේවා දිය යුතු මනුෂ්‍යයාට දෙනවා ද කියලත් ප්‍රශ්නයක් තියෙනවා.අපි මේවා කරන්නේ පුංචි දරුවන්ගේ ජීවිතය තුළ පවතින අසහනය නැති කරන්න.බලය ලබා ගැනීමේ රැක ගැනීමේ අරමුණින් නෙවෙයි අපි දෙයක් කරන්න ඕන .මැතිවරණයක් එනකොට රට බෙදනවා කියලා කියනවා .අපි සියලු දෙනාටම තියෙන්නේ මේ රට,වෙනත් රටවල්වල ගිහිල්ලා දෙවන තුන්වන ජාති වෙලා ජීවත් වෙන්න බැහැ.දේශපාලන අදහස්වලින් තොරව කරනු ලබන මෙවැනි සමාජ සත්කාර සේවයන් අගය කරනු ලබන බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
