Image

උතුරට අවශ්‍ය සෞඛ්‍ය ආධාර කඩිනම් කරන්න : රාජිතගෙන් උපදෙස්

උතුරට අවශ්‍ය සෞඛ්‍ය ආධාර කඩිනම් කරන්න : රාජිතගෙන් උපදෙස්

ගංවතුරෙන් පීඩාවට පත් කිලිනොච්චි, මුලතිව්, වව්නියාව හා මන්නාරම යන දිස්ත්‍රික්කවල ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් විධිමත්ව ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න උපදෙස් නිකුත්කර ඇති බව වාර්තා වෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත උපදෙස් ලබාදී ඇති අතර මේ පිළිබදව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ඊයේ (27) දින පැවැති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා කරුණු ඉදිරිපත් කරන ලදී.

වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවක සේවිකාවන් අවශ්‍ය තරම් උතුරු පළාතේ රෝහල්වලට යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. දැනට උතුරු පළාතේ ක‍ඳවුරු 26 ක් ස්ථාපිත කර ඇති අතර, එහි රදවා සිටින පවුල් 2841 ක ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් ද ලබාදීමට පියවර ගෙන ඇත.

තවද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවලට ක්ලෝරීන් පෙති 50,000 ක් ලබා දී ඇති අතර, TCL කිලෝග්රැම් 1500 ක් ලබා දී ඇත. Doxycline 100 mg tab 12,000 ක් ද Maternity kit 25, Sanitary pads 25200 ක් සහ කුඩා දරුවන් සහ ගැබිණි මව්වරුන් සදහා අවශ්‍ය ත්‍රිපෝෂ ද ලබා දී ඇත. තව ද යුනිසෙෆ් සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන් සනීපාරක්ෂක උපකරණ තොගයක් ද මුලිතිව් හා කිලිනොචිච් දිස්ත්‍රික්කවල ජනතාවට ලබා දී ඇත.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවතැන් වූ ජනතාවට බෙදාහැරීම සඳහා ආහාර මළු විශාල ප්‍රමාණයක් ලබන 29 වන සෙනසුරාදා එම ප්‍රදේශවල ජනතාවට බෙදාදීමට නියමිතය. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා එම ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය සේවා කටයුතුද නිරික්ෂණය කිරීමටද නියමිතව ඇත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න