නව ආණ්ඩුවේ අමාත්‍යංශවල විෂය පථ මෙතෙක් ගැසට් නොකිරීම හේතුවෙන් තම අමාත්‍යංශවල කටයුතු කිරීම අපහසු වී ඇතැයි අමාත්‍යවරුන් පවසයි.
අමාත්‍යංශ රැසකට මේ තත්ත්වය බලපා ඇති අතර ඒ හමුවේ එක් එක් අමාත්‍යාංශ යටතේ ඇති ආයතන මොනවාද සහ තමන්ට පැවරී ඇති කාර්ය, කර්තව්‍ය හා වගකීම් මොනවාදැයි නිශ්චිත නැති බවද ඔවුන් පෙන්වා දෙයි.
නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඉකුත් 20 වැනිදා දිවුරුම් දුන් අතර එහිදී ජනාධිපති සිරිසේන දන්වා ඇත්තේ ඊලඟ සදුදා දිනය වන විට අමාත්‍යංශවල විෂය පථයන් ගැසට් කරන බවය. එහෙත් අමාත්‍යවරුන් මෙන්ම අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් පෙන්වා දෙන්නේ මේ දක්වාත් එම ගැසට් නිවේදනය නිකුත් කර නැතිවීම ඉතා ගැටලු සහගත බවයි.
මේ සම්බන්ධව අදහස් දක්වන එක්සත් ජාතික පෙරමුණ ආරංචි මාර්ග සදහන් කරන්නේ ඒ ඒ අමාත්‍යංශයේ විෂය පථයන් කෙසේ විය යුතුදැයි යෝජනා කරමින් අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යවා ඇති බවය. ඒ අනුව දැන් තිබෙන්නේ ජනාධිපති සිරිසේනගේ ප්‍රමාදය බවද එම ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව මේ වනවිට අමාත්‍යාංශ විෂය පථ නියමිතව ගැසට් නොකිරීම හමුවේ අමාත්‍යාංශ සියල්ල පාහේ බරපතල අර්බුදයකට මුහුණ දී සිටියද සිරිසේන ජනාධිපති පවුලේ නිවාඩුවක් ගතකිරීමට තායිලන්තයේ ගොස් සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
