Image

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය හිස් ?

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය හිස් ?

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරය මේ වනවිට හිස්ව ඇති බව එම අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

යහපාලන ආණ්ඩුවේ දී එම ධුරයේ කටයුතු කළේ ආචාර්ය ආර්. එස්. එච්. සමරතුංග වන අතර ඔක්තෝබර් 26 ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයත් සමඟ ඔහුට එම ධුරය අහිමි විය.

අනතුරුව කුමන්ත්‍රණ ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ විසින් එම ධුරයට එස්. ආර්. ආටිගල පත් කෙරුණ අතර ඒ වන විට ඔහු රාජකාරි කරමින් සිටියේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ලෙස ය.

පසුව එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව පත්වීමේදී ජනාධිපති සිරිසේන විසින් අමාත්‍යංශ ලේකම්වරුන් පත්කළ අතර ඊට අදාළව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ පළමු නිවේදනයේ එස්. හෙට්ටිආරච්චි නම් ලේකම්වරයෙකු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහා නම්කර තිබිණ. නමුත් එම නිවේදනය පසුව සංශෝධනයක් සහිතව නිකුත්කල අතර එහි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සදහා ලේකම්වරයකු පත්කර තිබුණේ නැත.

කෙසේ වෙතත් දැන් සිදුව ඇත්තේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ සිටි මුදල් අමාත්‍යාංශය නියෝජනය කල ලේකම් එස්. ආර්. ආටිගල නැවත ශ්‍රීලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ලෙස පත්වගොස් තිතිබීමය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයකු නොමැති තත්ත්වයකට පත්ව ඇත්තේ ඒ අනූවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න