Image

ශ්‍රීලනිප මුලස්ථානය සීල් තැබුවේ : චන්ද්‍රිකාට බයේ !

ශ්‍රීලනිප මුලස්ථානය සීල් තැබුවේ : චන්ද්‍රිකාට බයේ !

ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මුලස්ථානය සීල් තබා වසාදමන්න හේතුවූයේ ජනාධිපති සිරිසේනගේ සැකය මිස වර්ෂ අවසාන නිවාඩුවක් නොවන බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

පක්ෂ බලය තමන්ට අහිමිව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙත හිමිවේ යන දැඩි භීතියකින් ජනාධිපති සිරිසේන පසුවන බවත් ඒ නිසාම මේ වන විට පක්ෂය අමතන සෑම මොහොතකම චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනියට බැනීම සිරිසේන ජනාධිපතිගේ ප්‍රධාන කටයුත්තක් වී ඇති බවත් එම ආරංචිමාර්ග පවසයි.

ජනාධිපති සිරිසේන පක්ෂ සමගිය ආරක්ෂා කිරීම වෙනුවට බල තණ්හාවෙන් කටයුතු කිරීම හමුවේ තක්ෂය තුළ කඳවුරු කිහිපයක් බිහිවූ බවත් අද වන විට පක්ෂ මුලස්ථානය වසා සීල් තැබීමට සිරිසේන ජනාධිපති නියමකර ඇත්තේ පසුගිය වසර තුනක කාලයක් තිස්සේ රාජපක්ෂ කල්ලිය හමුවේ පක්ෂයත් සිරිසේන ජනාධිපතිත් ආරක්ෂා කරගත් පිරිසට හමුවීමේ අවස්ථාව අහිමි කිරීමට බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට මුද්‍රා තැබූ බවට පළවන වාර්තා අසත්‍ය බව නිදහස් පක්ෂ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසන කතාවේ කිසිම සත්‍යතාවක් නොමැති බවත් එම ආරංචිමාර්ග පෙන්වාදෙයි.

පක්ෂ මූලස්ථානයේ සේවය කරන සේවකයන්ට වාර්ෂික නිවාඩු ලබා දීම වැනි සුරංගනා කතා දේශපාලනය ගැන දැනුවත් කිසිවකුත් විශ්වාස නොකරන බවත් මන්ත්‍රීවරුන් කොළඹින් බැහැරව සිටීම පක්ෂ මුලස්ථානය කිසිවෙකුට හෝ ඇතුල්වීමට නොහැකි ලෙස සීල තබා වැසීමට තරම් හේතුවක් නොවන බවද පවසයි.

තවද පක්ෂ මහ ලේකම් පියදාස යනු ශ්‍රීලනිප ප්‍රතිප්පත්ති හෝ පක්ෂය වෙනුවෙන් දරදිය ඇදී අයෙකු නොවන බවත් රාජපක්ෂ සමයේ ජනතා සමීක්ෂණ කියමින් සෑම ජන්දයකම රාජපක්ෂ දිනන බව පැවසීම හැර ඔහු පක්ෂයට කල දෙයක් නොමැති බවටද පක්ෂ අභ්‍යන්තරය චෝදනා නගයි.

ඒ නිසාම පසුගිය ආසන සංවිධායකයන්ගේ හමුව අවස්ථාවේ පක්ෂ මහ ලේකම් ගුටිනොකා බේරුණේ යන්තමින් බව සඳහන් කරන එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ පක්ෂ මුලස්ථානය වසා තැබීමට සිදුවන තැනට වැඩ කටයුතු සිදුකල උදවිය අද ඒ බව වසං කිරීමට දරන ප්‍රයත්නය ගලේ පැහැරූ බළලෙකු සිහිගන්වන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න