Image

පාසල් නිල ඇඳුම් වවුචර් කාලය දීර්ඝ කරයි !

පාසල් නිල ඇඳුම් වවුචර් කාලය දීර්ඝ කරයි !

පාසල් දරුවන් සඳහා 2019 වසරට ලබාදෙන නිල ඇඳුම් වවුචර් පත් ලබන වසරේ පළමු පාසල් නිවාඩුව අවසන්වීමට පෙර පාසල් වෙත කඩිනමින් යොමු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

දෙසැම්බර් 31 වැනිදා තෙක් වලංගුව පැවැති එම වවුචරයේ වලංගු කාලය පෙබරවාරි 28 වැනිදා දක්වා දීර්ඝ කිරීමටද අමාත්‍යාංශය ඇමති උපදෙස් මත කටයුතු කර ඇත.

පාසල් නිවාඩුවට පෙර තම දරුවන් සඳහා නිකුත් කෙරෙන නිල ඇඳුම් වවුචර, පාසල්වලින් ලබා ගත හැකි බවත්, නිල ඇඳුම් රෙදි නොලැබෙනු ඇතැයි මවුපියන් තුළ සැකයක් ඇතිකර නොගත යුතු බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

පාසල් නිල ඇඳුම් වවුචර ලබාදීමේ ප්‍රමාදයක් ඇතිවුවහොත්, වහාම ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කරන ලෙසද ඇමැතිවරයා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

නීතිවිරෝධී ලෙස බලයට පැමිණි මෛත්‍රී – මහින්ද ප්‍රමුඛ ආණ්ඩුව පාසල් සිසුන් සඳහා වන නිල ඇඳුම් වවුචර් ක්‍රමය අහෝසි කර යළි රෙදි ලෙසම ලබා දෙන බවට ප්‍රකාශ කිරීමත් සමග 2019 වසරට ලබාදෙන නිල ඇඳුම් අදාළ කලායේදී ලබා දීමට නොහැකි වූ අතර එය දින නියමයක් නොමැතිව කල් යන ලදී. කෙසේ නමුත් ප්‍රජාතන්ත්‍රවිරෝදී රාජපක්ෂ ආණ්ඩුව අධිකරණමය ක්‍රියාමාර්ග මගිනුත් තුළදීත් පාර්ලිමේන්තුමය ක්‍රියාමාර්ග මගිනුත් නීත්‍යානුකූල ලෙස පරාජයට පත් කිරීමෙන් පසු යළ මෙම වව්චර් ක්‍රමය ආරම්භ වී තිබේ.

කෙසේ නමුත් මේ වනවිට නව වසරේ පළමු පාසල් වාරය ආරම්භ කෙරෙන දිනයේ තම දරුවන්ට අලුත් නිල ඇඳුම් පිළියෙල කරගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න