පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුර ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයාගෙන් ඉවත්කර මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාට ලබාදීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ද්‍රවිඩ ජාතික සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට සූදානම් වන බව වාර්තා වෙයි.
අධිකරණ වර්ෂ අවසාන නිවාඩුව අවසන්ව නැවත කටයුතු ආරම්භ කිරීමත් සමඟ මෙම නඩු පැවරීම සිදුකරන බවද ද්‍රවිඩ සන්ධාන ආරංචිමාර්ග සඳහන් කරයි.
එහිදී මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ පක්ෂ සාමාජිකත්වය ගෙන ඇති බැවින් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසිව ඇති බව, ජනාධිපති සිරිසේන එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයා වශයෙන් කටයුතු කරන අතර එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ අමාත්‍යධුර දැරීම සහ මහින්ද රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ නොවී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම් ඔහුට විපක්ෂ නායක ධුරය දැරිය නොහැකි බව ඇතුළු කරුණු කිහිපයක් නඩු නිමිති ලෙස ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
ඒ මත මහින්ද රාජපක්ෂ විපක්ෂනායක වීම වලකා අතුරු තහනම් නියෝගයකින් වාරණය කරන ලෙසත් විපක්ෂ නායක ධුරය සඳහා නීත්‍යානුකුල හිමිකම ආර්. සම්බන්ධන් වෙත ඇති බවට නම් කරන ලෙසත් ඉල්ලීම මේ නඩුවේදී අපේක්ෂිත බවද දැනගන්නට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
