Image

දෙමළ ජනතාව සිරිසේනට ජන්දය දුන්නේ මහින්ද අගමැති කරන්න නොවේ - සුමන්තිරන් !

දෙමළ ජනතාව සිරිසේනට ජන්දය දුන්නේ මහින්ද අගමැති කරන්න නොවේ - සුමන්තිරන් !

දෙමළ ජනතාව 2010 වසරේදී සරත් ෆොන්සේකා ට සහ 2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේනටත් ඡන්දය ප්‍රකාශ කළේ ඔවුන් ගැන ඇති ආදරයක් නිසා නොව මහින්ද රාජපක්ෂ ව ඉවත් කිරීම සඳහා බවත් එසේ ඉවත් කළ මහින්ද රාජපක්ෂ යළි අගමැති කිරීම දෙමළ ජනතාව කිසිසේත් ම පිළිගන්නේ නැති බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (26) මඩකළපුවේදී පැවති ජෝෂප් පරරාජසිංහම් මහතාගේ 13 වන ගුණානුස්මරණ උත්සවයට එක් වෙමින්ය.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් මහතා ඝාතනය කෙරුණේ 2005 දෙසැම්බර් 25 වනදා මඩකලපුවේ පැවති නත්තල් දේව මෙහෙයකට සහභාගී වෙමින් සිටියදී වන අතර ඒ සමයේ ඊට අදාළ විධිමත් පරීක්ෂණයක් සිදු කෙරුණේ නැත.

නමුත් යහපාලන සමයේ ඊට අදාළව සිදුකළ විමර්ශන කටයුතුවලදී හෙළිදරව් වී තිබුණේ මෙම ඝාතනය නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරී ඇති බවයි. පිල්ලෙයාන්ගේ නායකයා වන කරුණා අම්මාන් පසුකලෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති තනතුරකට ද පත්වූ අතර අදටත් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් දේශපාලන කටයුතුවල නියැළී සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න