එක්සත් ජාතීන්ගේ මෙරට නිත්‍ය නියෝජිත හන්නා සිංගර්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩව්රිස්, කැනඩාවේ තානාපති ඩේවිඩ් මැනින්නොන් සහ ජර්මානු තානාපති ජෝන් රොද්ඩ් ඇතුළු රාජතාන්ත්‍රික විදෙස් නියෝජිතයන් පිරිසක් අද (31) කතානායකවරයා හමුවී මෙරට උද්ගතව තිබෙන තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මුහුණදීමට සිදුවිය හැකි ප්‍රතිවිපාක සම්බන්ධව කතානායකවරයා දැනුවත් කර ඇති බව වාර්තා වෙයි.
කෙසේ වුවත් මේ ප්‍රබල රාජතාන්ත්‍රික නියෝජිත පිරිස හමුවේ කතානායකවරයා ඉල්ලා ඇත්තේ පවතින තත්ත්වය සමනය කර ගන්නට තමන් උපරිමයෙන් උත්සාහ කරන බවත් ඒ හේතුවෙන් දැනට ලංකාව සම්බන්ධව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් වලකින ලෙසත්ය.
මේ සම්බන්ධව කතානායක කාර්යාලය නිල නිවේදනයක්ද නිකුත් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
