ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉහළ පෙළේ සාකච්ඡාව ඔක්තෝබර් 20 වන දා නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත ය.
අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය නිල සංචාරයේ දී විදේශ ඇමතිනි ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ්, ස්වදේශ ඇමති රාජනාත් සිං ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් සමග අග්‍රාමාත්‍ය කාර්යාලයීය නිලධාරීන් අග්‍රාමාත්‍යවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
