නව අගවිනිසුරුවරයා ලෙස පත්කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතාගේ නම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කර යවනු ලැබ ඇතැයි වාර්තා වේ.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද (12) දිනයේ විශ්‍රාම ගැනීමට නියමිත බැවින් එම ධූරය පුරප්පාඩු වේ.
ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර යවන ලද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර එවීමෙන් පසුව හෙතෙම නව අගවිනිසුරුවරයා ලෙස හෙට (13) දිනයේ දිවුරුම් දීමට බොහෝදුරට ඉඩ ඇතැයි ද වාර්තා වේ.
නව අගවිනිසුරුවරයා පත්කර ගැනීම සඳහා අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) රැස්වීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිලකාලය ද ඉකුත් දා අවසන් වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ද අලුතින් සාමාජිකයින් මේ වනවිට පත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
