අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ සගයන් අනුරාධපුර මිහින්තලේ පුරාවිද්‍යා රක්ෂිතයේ කම්කරු සේවයේ නිරත වෙන බව වාර්තා වෙයි.
අනුරාධපුරයේ රැකියා විරහිත ජනතාව මෙතෙක් සිටියදී කුරුණෑගල කුලියාපිටියෙන් මිනිසුන් ගෙන්වා ගැනීම අසාධාරණ බවට මිහින්තලේ ජනතාව හඬ නගන බවද දැනගන්නට තිබේ.
දිනපතා කුලියාපිටියෙන් කම්කරුවන් රැගෙන පිටත් වෙන කුරුණෑගල කුලියාපිටිය ලෙස නාම පුවරු ඇති බස් රථය මෙම ප්‍රවාහන සේවයේ යෙදෙන බව ආරංචිමාර්ග පවසයි. කුරුණෑගල රැකියා නොමැති වීමෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛන වලට එපිටින් මේ පත්වීම් නිර්මාණය කොට පුරා විද්‍යා කැනීම්, පූජා නගරයේ ඉදිකිරීම්, විහාරස්ඨාන අසල වෙළඳ සැල් සහ අනුරාධපුර නගරයේ නොයෙකුත් මාවත් වල වැඩ වෙනුවෙන් මෙම සේවකයන් යොදාගෙන ඇතිබව වැඩිදුර ආරංචි මාර්ග පවසයි.
සේවකයන් ප්‍රවාහණය කරන මෙම බස් රථයේ රියෙදුරුට මෑතකාලයේ අනුරාධපුර මිහින්තලේ ජනතාවගෙන් චෝදනාද එල්ල වී ඇති බව ආරංචි මාර්ග පවසයි. අනුරාධපුරයේ ප්‍රසිද්ධ ගුවන් විදුලි ආයතනයක් මේ ගැන නිරීක්ෂණයට ගිය විටකදී එයද වැලක්වීමට මෙම කුරුණෑගල සේවකයන් කටයුතු කර ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.
උපුටා ගැනීම- රජරට නිවුස්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
