බැද්දගාන තෙත්බිම් උද්‍යානය ස්වභාවික සෞන්දර්යය රැකෙන පරිදි ඉදිකර ඇති නිර්මාණයක් හේතුවෙන් අධික වර්ෂා සහිත තත්වයන් හිදී අනපේක්ෂිත ලෙස වතුර මට්ටම ඉහළ යෑමේ අවධානමක් පවතින බව අධිකාරිය පෙන්වා දෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇති පරිදි ඊයේ(06) දින මෙන්ම ඉදිරි දිනවලදීත් වර්ෂා තත්වය ඉහළ යෑමක් බලාපොරොත්තු විය හැක. ඒ හේතුවෙන් විවේකීව පවුලේ අය සමග කාලය ගත කිරීමට පැමිණෙන මහජනතාවගෙන් නාගරික සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටින්නේ අධික වැසි සහිත තත්වයන් හිදී උද්‍යානයට ප‍්‍රවේශ වීමෙන් වලකින ලෙසයි.
කාලගුණය යහපත් තත්වයට පත්වීමත් සමග නැවතත් සුපුරුදු පරිදි මෙම උද්‍යානය මහජනතාවට විවෘත කෙරෙන බවද එම අධිකාරිය පෙන්වා දෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
