ශ්‍රී ලංකා ක්‍රිකට් : ප්‍රධාන විධායකයා CID  කැඳවයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් : ප්‍රධාන විධායකයා CID  කැඳවයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි  ඈෂ්ලි ද  සිල්වා මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ඔහු සමඟ තවත් නිලධාරින් සිව් දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බවත් ඒ අතර ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් කළමනාකරු ද වන බව දැනගන්නට ඇත.

එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුදල් වලින් කොටසක් හොං කොං හි ආයතනයකට ගෙවීමට සූදානම්ව තිබියදී අවසන් මොහොතේ එම වංචාව අතටම අසු විය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ උසස් නිලධාරියකු චෝදනාවට ලක්වූ අතර පසුව ඔහුගේ කාමරයට මුද්‍රා තබන ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ එම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව ඇති තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා වන ඈෂ්ලි ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි. 

මේ අතර මාස දෙකකට ඉහතදී නිමාවූ දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු මුදල් ඇමරිකා එක්සත් ජනපදයේ ගිණුමකට බැර කර ඇතැයිද කියැවේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න