ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ රාජ්‍යයේ සිය තෙදින නිල සංචාරය ආරම්භ කරමින් 03 වන දා සන්ධ්‍යාවේ ඔස්ලෝ නුවර එක්ස් එක්ස් එල් (XXL) ගබඩා සංකීර්ණයේ රොබෝ තාක්‍ෂණයෙන් ක්‍රියාත්මක වන ගබඩා කටයුතු නිරීක්‍ෂණය කළේය.
එලිමන්ට් ලොජික්ස් (Element Logics) හා ටික්රි (TIQRI) තාක්‍ෂණික සමාගම්වල මෙහෙයවීමෙන් මෙම රොබෝ තාක්‍ෂණික කාර්යයන් සැලසුම් කොට ක්‍රියාත්මක වන අතර, මේ ඔස්සේ ඉතා කඩිනම් හා කාර්යක්‍ෂම ලෙසින් ගබඩාගත කිරීමට මෙන්ම, ඒවා යළි ඇසුරුම් කර නැව්ගත කිරීමට ද හැකියාව ලැබී ඇත.
ඇඟළුම්, වෙනත් නිෂ්පාදන මෙන්ම මත්ස්‍යයන්, එළවලූ හා පළතුරු ද මේ ආකාරයෙන් ගබඩා කිරීමටත්, ඇසුරුම් කිරීමටත් හැකියාව ඇති බව මෙහිදී අනාවරණය විය.
ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා මෙවැනි ගබඩා පිහිටුවීම සම්බන්ධයෙන් දැනටමත් මූලික සැලසුම් සකස් කර ඇති බව ද, මේ සමාගම් හා එක්ව ලබන දෙසැම්බරයේ ශ්‍රී ලංකාවේ ද මෙවැනි රොබෝ තාක්‍ෂණික ගබඩාවක් ඉදි කිරීමට පසුබිම සැකසී ඇති බව ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා මෙහිදී පෙන්වා දුන්නේය
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හේෂා විතානගේ ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයෝ මේ නිරීක්‍ෂණ චාරිකාවට එක් වී සිටියහ.
{gallery}Element Logics{/gallery}

