ඖෂධ මාෆියාව නඩත්තු කරන්නේ කවුද යන්න අද හෙළිකරනවා

ඖෂධ මාෆියාව නඩත්තු කරන්නේ කවුද යන්න අද හෙළිකරනවා

සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඖෂධ සමාගම් මත නැටවෙන රූකඩයක් බව තහවුරු කිරීම හේතුවෙන් තම සංගමයට චෝදනා එල්ල කරන බවත් ඖෂධ මිල අඩු කරන බව පෙන්වා ඖෂධ සමාගම් වල වෙළඳ මාෆියාව නඩත්තු කරන්නේ කවුද යන්න අද (22) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා හෙළිකරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ අවස්ථාවේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය යනු මඩ අවලාද නගන කැලෑ පත්තරකරුවන් බවත් තමන් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සඳහන් කරමින් අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශය සම්බන්ධව කළ කරුණු විමසීමේදී පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මේ බව අවධාරණය කර සිටියේය.

එසේම ඖෂධ මිල ගණන් වැඩි කිරීම සම්බන්ධව තමන් එල්ල කළ විවේචනය අමාත්‍යවරයාගේ කරුණු පැහැදිලි කිරීමේ නිවේදනය හරහාද ඔප්පු වන බවත් එහි අදාළ මිල වැඩි කිරීම සිදුකරනු ලැබුවේ ඖෂධ ආනයනකරුවන්ගේ ඉල්ලීම මත බව පැහැදිලිව දැක්වෙන බවද සභාපතිවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සභාපති රංජිත් විතානගේ මෙසේද පැවසීය.

rajitha senaratne“2016 ඔක්තෝබර් 21 ගැසට්පත මගින් අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 48 මිල අඩු කළා. ඒ ගැන විශාල මාධ්‍ය ප්‍රචාරයක්ද ලබාදුන්නා. ඒ කටයුතු වලට සෞඛ්‍ය අමාත්‍යංශය විශාල මුදලක්ද වියදම් කළා. ඒත් ඒ මිල සහනය අවුරුද්දක් වත් තිබුණද? ඇමතිවරයා රටට කිව්වේ ජනතාවට සහනයක් සැලසීම වෙනුවෙන් ඖෂධ මිල අඩුකරනවා කියලයි. ඒත් 2017 දෙසැම්බර් 14 නැවත එම බෙහෙත් වර්ග 48ම මිල ඉහළ දැමුවා.

හදිසියේ සිදුකළ ඖෂධ මිල අඩු කිරීම නිසා ප්‍රමිතියකින් යුක්තව බෙහෙත් නිෂ්පාදනය කරන ලද සමහර සමාගම් දේශීය වෙළදපොලෙන් ඉවත් වුණා. දැන් මිල නැවතත් වැඩිවෙලා. ජනතාවට ඖෂධ මිල අඩුවීමේ සහනය නෑ. නමුත් ඖෂධ වෙළඳාමේ මාෆියා සමාගම් වලට තරගයක් නැතුව වෙළඳාම කරන්න ඉඩ ලැබිලා. එතකොට අපි අහන්නේ සෞඛ්‍ය ඇමති සහනය අරගෙන දුන්නේ ජනතාවටද නැත්නම් සමාගම් වලටද කියන එකයි. දැන් අපි මඩ ගහනවා කියනවා. අපිව නීතිය ඉදිරියට ගෙනියනවා කියනවා. අපිත් බලාගෙන ඉන්නෙ ඒක කරනකන්.එතකොට අපිට පුළුවන් මේ දේවල් අධිකරණය ඉදිරියේම හෙළිකරන්න. ඒ වගේම සමාගම් සමඟ අප්පච්චිලාට සහ පුතාලට තියන හිතවත්කම් ගැන ජනතාවට ඇත්ත දැනගන්නත් එතකොට පුළුවන්”

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න