කොළඹ වේල් පෙරහැරේ පැමිණි වේල් කරත්තය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අද (25) අරලියගහ මන්දිරය අසල දී පිළිගෙන පුද පූජා පවත්වා ආශිර්වාද ලබාගත්තේය.
කොළඹ, ශ්‍රී කදිරවේලායුද සාමි කොවිලෙන් ගමන් ආරම්භ කළ මෙම පෙරහැර බම්බලපිටිය මානික්‍ය විනයාගර් කෝවිල වෙත ගමන් කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්වරු සහ අග්‍රාමාත්‍ය කාර්යාලයීය නිලධාරීහු ඇතුලු විශාල පිරිසක් එක්වූහ.
{gallery}weel{/gallery}
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
