ඇතැම් වෘත්තීය සමිති පාසල් අධ්‍යාපන පද්ධතිය බිඳ දැමීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින බවත් ජනතාව මේ අනතුරුදායක තත්ත්වය නිවැරදිව හඳුනාගෙන කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ආණ්ඩු පෙරළීම සඳහා දරුවන්ගේ අධ්‍යාපනය සමඟ සෙල්ලම් නොකරන ලෙස තමා වෘත්තීය සමිති සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින බවද ඇමැතිවරයා, ඊයේ (24) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.
හෙට (26 ) දින ගුරු වෘත්තීය සමිති වැඩ වර්ජනයක් කැඳවා තිබීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සදහා පැවති මෙම සාකච්ඡාවේ දී ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේ වෘත්තීය සමිතිවලට වෘත්තීය අයිතීන් වෙනුවෙන් කටයුතු කළ හැකි වුවත් අසාධාරණ ඉල්ලීම් මත පදනම් වී පාසල් දරුවන්ගේ අධ්‍යාපන හා විභාග කටයුතුවලට බාධා සිදුකිරීම තමන් තරයේ හෙළා දකින බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
