ඇමෙරිකානු, පැසිපික් කලාපීය හමුදා ප්‍රධානී ජනරාල් රොබට් බ්‍රවුන් (Robert Brown) මහතා ඇතුලූ දූත පිරිස පසුගිය 23 වනදා දින අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා පැවැත්වීය.
එහිදී කළාපීය ආරක්ෂාව ඇතුළු වැදගත් කරුණු රැසක් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.
එම දූත පිරිසට ශ්‍රී ලංකාවේ අමෙරිකානු වැඩ බලන තානාපති රොබට් හිල්ටන් (Robert Hilton), තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබද නිලධාරිනී ජොආනා එච්. ප්‍රිචර්ට් (Joanna H Prichett) යන මහත්ම මහත්මීන් ඇතුළත් වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ශ්‍රී ලංකා හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, මේජර් ජනරාල් එම්.එම්.එස්. පෙරේරා යන මහත්වරුන් සහභාගි වූහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
