ජපානයෙන් ගෙන්වන ලද යතුරුපැදි දෙකක් ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කර ගැනීමට අදාළ ලේඛන ලබාදීම සඳහා රුපියල් 30,000 ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රේගුවේ රේගු ආරක්ෂක නිලධාරියා ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඊයේ (13) නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සිදු කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
පැමිණිලිකරුගේ සහෝදරියගේ පුතා සහ ඔහුගේ යහළුවෙකු විසින් ජපන් රටෙන් ගෙන්වන ලද යතුරුපැදි දෙකක් සඳහා එක් යතුරුපැදියකට රුපියල් 15,000 බැගින් යතුරුපැදි දෙක සඳහා මෙම රුපියල් 30,000 ක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන ඇති බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.
සැකකරු, 2026 නොවැම්බර් 12 වන දින පස්වරු 2.25 ට පමණ ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන කාර්යාලය තුළදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
