ආනයනික ආහාර නිසි පරිදි ලේබල් නොකිරීම ඇතුළු ආහාර නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ කොළඹ ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණයක පවත්වාගෙන යන චීන අවන්හල් දෙකකට රුපියල් 360,000/=ක දඩ මුදලක් නියම කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සිද්ධියට අදාල පසුබිම:
කොළඹ ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණයක පවත්වාගෙන යනු ලබන චීන අවන්හල් දෙකක් කොළඹ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හදිසි ආහාර වැටලීමකට ලක්කර තිබේ.
එහිදී, ආනයනික ආහාර ද්‍රව්‍ය නිසි පරිදි ලේබල් නොකර අලෙවි කිරීම හා පාරිභෝජනය සඳහා භාවිත කිරීම ඇතුළු ආහාර නීති උල්ලංඝනය කිරීම් අනාවරණය වී ඇත.
එමෙන්ම පරීක්ෂා කිරීමේදී කල් ඉකුත් වූ ආහාර තොගයක් ද සොයා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත් වී තිබේ.
ඒ අනුව, අදාළ අවන්හල් දෙකට අයත් සමාගම් දෙකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
එම නඩු ඊයේ (13) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී අදාළ සමාගම් දෙක වරදකරුවන් වීම හේතුවෙන් මෙලෙස රුපියල් තුන්ලක්ෂ හැටදහසක (රු. 360,000/=) දඩ මුදලක් නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
