Image

දින 180ක් රැඳවුම් නියෝග මත සිටි 'ගම්පහ ඔස්මන්' රිමාන්ඩ්

දින 180ක් රැඳවුම් නියෝග මත සිටි 'ගම්පහ ඔස්මන්' රිමාන්ඩ්

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ, කොළඹ අපරාධ කොට්ඨාශයේ රැඳවුම් නියෝග මත සිටි ගම්පහ ඔස්මන් නැමැත්තා අද (09) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේය.

මෙහිදී සැකකරුගේ ආරක්ෂාව වෙනුවෙන් අවධානය යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේ, සැකකරු දින 180ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කර ඇති බවයි. අදාළ රැඳවුම් නියෝග කාලසීමාව අවසන් වීමෙන් පසු අද දින අධිකරණයට ඉදිරිපත් කළ බවයි කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුරටත් පවසා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකෙරෙන බැවින්, සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න