Image

නදී වාසලමුදලිආරච්චිගේ "කුවණ්ණා"ළඟදීම රිදී තිරයට!

නදී වාසලමුදලිආරච්චිගේ "කුවණ්ණා"ළඟදීම රිදී තිරයට!

ප්‍රකට මාධ්‍යවේදිනියක, නිවේදිකාවක සහ ලේඛිකාවක වන නදී වාසලමුදලිආරච්චිගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණය වන "කුවණ්ණා" චිත්‍රපටය ජනවාරි පළමු වැනිදා සිට රිද්ම මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වීමට නියමිතයි.

nadeeeනදී වාසලමුදලිආරච්චි

මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය ද සිදු කොට ඇත්තේ නදී වාසලමුදලිආරච්චි විසිනුයි.

‘කුවණ්ණා’ නිෂ්පාදනය සම්පත් සී. ගුණවර්ධන විසිනි.

ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද වාතාවරණය සහ ආර්ථික හුදෙකලා බව විසින් මිනිස් ජීවිත අර්බුදයට යන ආකාරය මෙම චිත්‍රපටය ඔස්සේ විවරණය වේ.

වසර 2500කට පෙර අතීතයක කුවණ්ණා නමැති ගැහැණිය, රැජිනියක, බිරිඳක, මවක ලෙස දරාසිටි භූමිකාවල බර, වේදනාව අද ජීවත් වන ගැහැණිය දරා සිටිනා බර සහ වේදනාවමද? යන්න සිනමාත්මක ප්‍රවේශයකින් විමසන 'කුවණ්ණා’ චිත්‍රපටයට රංගනයෙන් ප්‍රවීණ රංගවේදී හේමසිරි ලියනගේ, ඔහුගේ මුණුපුරු (හඳුන්වාදෙන) අක්දෙව් ලියනගේ, මයුර කාංචන පෙරේරා, අනසූයා සුබසිංහ සහ (හඳුන්වාදෙන) ඩිලක්ෂන් තිරුනකර් යන ශිල්පීන් දායක වේ.

මෙම චිත්‍රපටය ඉන්දියාවේ කේරළයේ පැවැත්වුණු 7 වන Independent Experimental Film Festival (IEFK) හි ලෝක සිනමා අංශයේ සමාරම්භක චිත්‍රපටය ලෙස සිය ලෝක ප්‍රදර්ශනය ඇරඹූ අතර අනතුරුව ඩකා ජාත්‍යන්තර සිනමා උළෙල (DIFF 2026), නේපාල ජාත්‍යන්තර සිනමා උළෙල (NIFF 2026), නව දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල, ටොරන්ටෝ දකුණු ආසියානු සිනමා උළෙල, කල්කටා ලෝක සිනමා උළෙල ඇතුළුව විදේශීය සිනමා උළෙලවල් 40කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරමින් සම්මාන 16ක් දිනාගෙන ඇත.

2027 අලුත් අවුරුද්ද වෙනස්ම සිනමා අත්දැකීමකින් අරඹන්න. කුතුහලයෙන් යුතුව අවධානයෙන් නරඹන්න.

ශ්‍රී ලංකා වංශකතාවේ සඳහන් ප්‍රථම කාන්තාව වන කුවණ්ණා ඔබ තුළ දනවන අරුත සොයාගන්නට 2027 අලුත් අවුරුද්දේ ඔබට හැකිවනු ඇත. ඒ වෙනුවෙන් ජනවාරි මාසයේ මුල් සතියෙන් දිනයක් වෙන් කරවාගෙන, ඔබට ආසන්නතම රිද්ම මණ්ඩලයේ සිනමාශාලාව වෙත පැමිණ 'කුවණ්ණා' චිත්‍රපටය නැරඹීමට අමතක නොකරන්න.

2027 ජනවාරි පළමු වැනිදා සිට "කුවණ්ණා" මුණගැසෙන්නට සූදානමින් සිටින්න.


WhatsApp Image 2026 11 09 at 11.27.18 AM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න