සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චීවරය සහිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
වෛද්‍යවරයෙකු වන බී. ඒ. රත්නපාල විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තෙක් ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් හෝ බන්ධනාගාර ඇඳුමින් සැරසී, මාංචු දමා මාධ්‍යයට හෝ මහජනතාවට ප්‍රදර්ශනය කිරීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා තිබේ.
ඊට අමතරව, බන්ධනාගාර රීතිවල 156(2) වගන්තිය මඟින් අවසර දී ඇති සීමාව ඉක්මවා උන්වහන්සේගේ රුව ඡායාරූපගත කිරීම, වීඩියෝගත කිරීම, සංසරණය කිරීම, බෙදාහැරීම හෝ ඒ සඳහා අවසර ලබාදීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා ඇත.
නීතිඥ දර්ශන වේරදුවගේ මගින් ගොනුකර ඇති මෙම පෙත්සමේ වග උත්තර කරුවන් ලෙස වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්, වැලිකඩ බන්ධනාගාර අධිකාරී, බෞද්ධ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ කොමසාරිස් ජෙනරාල්, සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
