Image

ඇප ලැබුණත් රෝහිත බෝගොල්ලාගම යළි රක්ෂිත බන්ධනාගාරයට

ඇප ලැබුණත් රෝහිත බෝගොල්ලාගම යළි රක්ෂිත බන්ධනාගාරයට

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින්  ගොනුකර තිබෙන නඩුවකට අදාළව අවස්ථා කිහිපයකදීම අධිකරණයේ පෙනී නොසිටීම නිසා විවෘත වරෙන්තු නිකුත්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග නිකුත් ව තිබු  හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම ඇප කොන්දේසි  සපුරා ගැනීමට නොහැකි වීම මත නැවත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

ඇප ලැබුනත් නැවත රක්ෂිත බන්ධනාගාරයට

අද (නොවැම්බර් 06) දින මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත. අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකරු ඇප මත මුදා හැරීමට නියෝග කළද, නියමිත ඇප කොන්දේසි සපුරා ගැනීමට අපොහොසත් වීම නිසා ඔහුව මෙලෙස යළි බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

මහාධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තු නියෝග කීපයක් අනුව හිටපු අමාත්‍ය නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා  තිබු නඩුවකට පෙනී නොසිටීම නිසා ඉකුත් (7) දින  පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා. 

 

සිද්ධියට අදාළ පසුබිම

2006 වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සංවිධායකත්වයෙන් ලන්ඩන් නුවර පැවති ආයෝජන ප්‍රවර්ධන ප්‍රදර්ශනයකදී හෝටල් ගාස්තු සහ ප්‍රදර්ශන වියදම් ලෙස රුපියල් ලක්ෂ පහළවකට අධික මුදලක් මහා භාණ්ඩාගාරය රෙගුලාසි වලට පටහැනිව ගෙවීම සඳහා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පෙළඹවීම මගින් අල්ලස් පනත යටතේ ගැනෙන දූෂණය නමැති වරද සිදු කර ඇතැයි චෝදනා කරමින් රෝහිත බෝගොල්ලාගමට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 2020 වසරේදී කොළඹ මහාධිකරණ හමුවේ මෙම නඩුව පවරනු ලැබුවා.

එම විත්තිකරු නඩු විභාගය දිගින් දිගටම පෙනී නොසිටීම නිසා 2025 වසරේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට මහාධිකරණය වරෙන්තුත් කොට ඔහු නොමැතිව නඩු විභාගය පැවැත්වීමට පියවර ගෙන තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න