Image

පාඨලීගේ රිය අනතුරු නඩුව 10 වැනිදා යළි කැඳවයි!

පාඨලීගේ රිය අනතුරු නඩුව 10 වැනිදා යළි කැඳවයි!

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ ආන්දෝලනාත්මක රිය අනතුර සහ එහි සාක්ෂි වසන් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව පවරා ඇති නඩුව අද (04) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එහිදි, මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි නියෝග කළේ, නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන10 වැනිදා පවත්වන බවයි.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාඨලී චම්පික රණවක අධිකරණය හමුවේ පෙනී සිටියේය. මෙහිදී විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ සමදරි පියසේන පෙනී සිටියාය.

 

නඩුවේ පසුබිම සහ එල්ල වී ඇති චෝදනා

2016 පෙබරවාරි 28 වැනිදා රාජගිරිය ජනාධිපති විදුහල අසලදී සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා පදවාගෙන ගිය යතුරුපැදියේ (WP KT-7545) දරන සුඛෝපභෝගී රථය අපරික්ෂාකාරී ලෙස ගැටී බරපතළ තුවාල සිදු කිරීම සහ අනතුරෙන් පසු වාහනය නොනවත්වා ධාවනය කිරීම, ඒ සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි ගෙතීම ඇතුළු අධි චෝදනා 16 යටතේ මෙම නඩුව පවරා ඇත.

මෙම නඩුව යටතේ හිටපු අමාත්‍යවරයාට එරෙහිව ප්‍රධාන චෝදනා තුනක් ගොනු කර ඇති අතර, ඉන් පළමු චෝදනාව එල්ල කර ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 329 වගන්තිය සහ මෝටර් රථ ආඥා පනතේ 151 වගන්තිය ප්‍රකාරව බරපතළ රිය අනතුරක් සිදු කර ඒ පිළිබඳව පොලිසියට වාර්තා නොකිරීම සහ තුවාලකරු රෝහල්ගත කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙනි.

මෝටර් රථ ආඥා පනතේ 161(1)(අ)(iii) වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දෙවැනි චෝදනාව එල්ල වී ඇති අතර, ඊට අදාළ දඬුවම් පනතේ 214 හෝ 224 වගන්ති යටතේ පැනවිය හැකි බව පැමිණිල්ල පෙන්වා දෙයි.

මීට අමතරව, මෝටර් රථ ආඥා පනතේ 161(1)(අ)(iv) වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තුන්වැනි චෝදනාව ගොනු කර ඇති අතර, එම වරද සඳහා වන දඬුවම් පනතේ 161(1)(අ)(V) හෝ 214 වගන්තිය යටතේ ක්‍රියාත්මක වන බව පැමිණිලි පාර්ශ්වය අධිකරණයට සැලකර සිටියා.

පාඨලී චම්පික රණවක ඔහුගේ රියැදුරු ලෙස කටයුතු කළ තුසිත දිලුම් තුෂාර හා එවකට වැලිකඩ පොලිස් ස්ථානයේ  ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරි සුදත් අක්මඩල යන විත්තිකරුවන්  තිදෙනාට එරෙහිව  නීතිපතිවරයා විසින් පවරා ඇති  නඩුවක්  එදිනට කැඳවා ඇති බැවින් එදිනම මෙම නඩුවත් කැඳවීමට පැමිණිිල්ල කළ ඉල්ලිම සලකා බැලු මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න