Image

අල්ලස් ගත් NTC ජංගම පරීක්ෂකට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම්!

අල්ලස් ගත් NTC ජංගම පරීක්ෂකට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවම්!

බස් රථයක ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම සඳහා රුපියල් 20,000ක අල්ලසක් ලබාගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂක නිලධාරියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් විසින් වසර 04ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා.

එම සිරදඬුවමට අමතරව රුපියල් 40,000ක දඩ මුදලක් ද චුදිතට නියම කිරීමට අධිකරණය නියෝග කළේය.

මෙලෙස සිරදඬුවම් නියම වූයේ කොටුපිටිය ආරච්චිලාගේ රංජිත් කොටුපිටිය නමැති ජංගම පරීක්ෂක නිලධාරියාටයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබුණා.

මෙම චුදිත ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂක නිලධාරියකු ලෙස සේවය කරමින් සිටියදී, බස් රථයක ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කිරීමට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග නොගැනීම සඳහා රු. 20,000ක තුටු පඬුරක් ඉල්ලා සිටීම හා ලබාගැනීම යන චෝදනා මත අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබුණා.

එහිදී චූදිතට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා 4කට ඔහු වරදකරු කරමින් මහාධිකරණය මෙම සිර දඬුවම සහ දඩ මුදල නියම කරන ලදී.

මෙම නඩුවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ (නීති) නීතීඥ කසුන් ප්‍රනාන්දු ගුණවර්ධනසූරිය විසින් පැමිණිල්ල මෙයෙවනු ලැබීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න