කොකේන් කිලෝ එකකට අධික ප්‍රමාණයක් ශරීරය තුළ සගවාගෙන සහ ගිල දමා මෙරටට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් ජැමෙයිකානු ජාතික මව, දියණිය, සුළු පියා ඇතුළු සිව්දෙනා ලබන මස 11 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (02) නියෝග කළේය.
පසුගිය 13 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෙම සැකකරුවන් ගිල දමා තිබූ කොකේන් ග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් පසුව පොලිස් භාරයට ගෙන ඇත. අදාළ කොකේන් තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා මෙහිදී අවසර ලබා දුන්නේය.
තවද, සැකකරුවන් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මව සහ තවත් පුද්ගලයෙකු ගිල දමා තිබූ කොකේන් ද පොලිස් භාරයට ගත් බවත්, ඊට අදාළ වෛද්‍ය වාර්තා ඉදිරි දිනකදී අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
මෙම සැකකරුවන් පිරිස පසුගිය ඔක්තෝබර් මස 10 වනදා මෙරටට පැමිණ ඇති අතර, කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා වෙත ලද තොරතුරකට අනුව කොල්ලුපිටිය පිහිටි පුද්ගලික හෝටලයක් පරීක්ෂා කිරීමේදී මෙම කොකේන් තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
