දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් වෙළද අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන ගාමිණි කිත්සිරි ඩයස් අමරවර්ධන ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (2) නියෝග කළේය.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදි අල්ලස් කොමිසම වෙනුවෙන් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සැකකරු ලක්ෂ 25 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙයට අමතරව සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කළේය.
පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී බාහිර පාර්ශ්වයකට අනිසි ලෙස වාසි සැලසීම සහ ඒ හරහා රජයට රුපියල් 7,973,114.50 (ලක්ෂ 79 කට අධික) මූල්‍ය පාඩුවක් සිදුකිරීම යන චෝදනා පදනම් කරගෙන අල්ලස් කොමිසම විසින් අද දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
